Sunday, January 12, 2025

General line - 0115112241

පෞද්ගලික ව්‍යාපාර ශක්තිමත් කිරිමට නව වැඩපිළිවෙළක්

හේරත් ඒකනායක,කමල් සුරවීර - මහනුවර




පෞද්ගලික අංශයේ ව්‍යාපාරවලට රාජ්‍ය මැදිහත් වීම අවම කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එවැනි වටපිටාවක් සකස් කිරීම සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පුද්ගලික අංශය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි ඔහු පැවසුවා.

ව්‍යාපාරයක් ආරම්භ කිරිමේ දී අනුමැතිය ලබාගැනීමේ දී විවිධ ගැටළු මතුව ඇති බවත් එම ගැටළු නිරාකරනය කිරිම සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

වෙළපොල ජය ගැනීමට නම් ප්‍රතිපත්ති මෙන්ම ආකල්ප ද වෙනස් විය යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මහනුවර ඊයේ (21) පැවති ව්‍යාපාරික හමුවකදීයි.