අලූත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මෙම මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
දර්ගා නගරයේ රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීමේ චෝදනා මත අද (21) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගැණුනා.
විදුලිසැර වැදුණු දරුවෙක් ඊයේ (20) එම රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී එහි සිටි වෛද්‍යවරයා දරුවා මියගොස් ඇති බව ප්‍රකාශ කළද ඔහුට ප්‍රතිකාර කරන්නැයි බල කරමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කළහකාරීව හැසිරුණු බවටයි චෝදනා එල්ල වුණේ.
මේ හේතුවෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබුණා. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම වැඩවර්ජනය නතර කර තිබෙනවා.
--------------------
පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව අත්අඩංගුවට (21-10-2017 14:31)
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අළුත්ගම දර්ගා නගරයේ ඊයේ (20) පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් හා එහි කලහකාරීව හැසිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.