Sunday, January 12, 2025

General line - 0115112241

'රත්නප්‍රිය,වියන්ගොඩ,නෙවිල් ප්‍රනාන්දු' තෛනිකායික  හිමිවරුන්! - ඩලස්ගෙන් ප්‍රකාශයක් 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




ආණ්ඩුව සැලසුම් සහගතව මහා සංඝ රත්නය බේදභින්න  කිරීමේ සැළසුමක් දියත්කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පසුගිය 06 වනදා හම්බන්තොට පැවති විරෝධතාවයෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අයගේ පවල්වල සුවදුක් බැලීම සඳහා අද (21) අම්බලන්තොට ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පහත පරිදි එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වනු ලැබුවා. 

  '' වර්තමාන ආණ්ඩුව  තෛනිකායික මහානායක හිමිවරුන් ලෙස සලකන්නේ රත්නප්‍රිය මහත්තයයි ,ගාමිණි වියන්ගොඩ මහත්තයයි ,නෙවිල් ප්‍රනාන්දු මහත්තයයි තමයි .මොකද එතුමන්ලාගෙන් තමයි උපදෙස් ගන්නේ .අපි පුංචිකාලේ ඉගනගත්තා ආනන්තරිය පාපකර්ම. ඉන් එකක් තමයි සංඝ බේදය. ආණ්ඩුව සැළසුම් සහගතව පූජනීය  මහා සංඝයා බේදභින්න කිරීම සදහා යම් කුමන්ත්‍රණයක් දියත්කරලා තියෙනවා. එතුමන්ලාගෙන් මේ එළියට පැන්නේ ඒක .

ඒ වගේම   මේ ආණ්ඩුවේ  ත්‍රිවිධ  රත්නය වන්නේ අධිකරණ නියෝග ,කඳුළු ගෑස් ,ජලප්‍රහාර.මේක තමයි මේ ආණ්ඩුවේ ත්‍රිවිධ රත්නය. "