Saturday, May 4, 2024

General line - 0115112241

චීනය අභිබවා උතුරු කොරියාව ගිනස් පොතට.. රොබෝවරුන් දැක ජනතාව බිය වෙයි (VIDEO)




උතුරු කොරියාව දුරදිග මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් පසුගිය කාලවල විවිධ රටවල දෝෂාරෝපණයට ලක්වුණා.

ඒ සම්බන්ධයෙන් උතුරු කොරියාවට ආර්ථීක සම්බාධක පැනවුණු අතර අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් දැනටමත් උතුරු කොරියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කර තිබෙනවා.

එවැනි පසුබිමක තමන් තවත් දක්ෂ බව ලොවට ඔප්පු කර පෙන්වීමට උතුරු කොරියාව සමත් ව සිටිනවා. ඒ නව ගිනස් වාර්තාවක් තබමින්.

Artificial intelligence (කෘතිම බුද්ධිය) නම් තාක්ෂණය යොදා ගනිමින් එකවර රොබෝවරුන් 1069 දෙනෙකු නර්ථනයේ යොදවාගෙනයි උතුරු කොරියාව ගිනස් පොතට ඇතුල් වී තිබෙන්නේ.

Artificial intelligence (කෘතිම බුද්ධිය) නම් තාක්ෂණය මගින් රොබෝවරුන්ට සිතිමේ හැකියාව ඇති බවත් ඒ අනුව ඔවුන්ට යමක් සිතා කටයුතු කිරිමේ හැකියාව පවතින බවයි උතුරු කොරියාව කියා සිටියේ.

ලොව රටවල් උතුරු කොරියානු න්‍යෂ්ඨික අවි නිෂ්පාදන දැක බියට පත්ව සිටියත් උතුරු කොරියානු ජනතාව Artificial intelligence (කෘතිම බුද්ධිය) නම් තාක්ෂණය ගැන සිතා බියට පත්ව ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

එම තාක්ෂණය හේතුවෙන් ඉදිරියේ දී පුද්ගලයන්ගේ රුකියාවට බලපෑම් එල්ලවිය හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් මෙයට පෙර රොබෝවරුන් 1007ක් යොදාගෙන නර්ථනයක් ඉදිරිපත් කිරිමෙන් ගිනස් වාර්තාවක් තැබීමට චීනය සමත් වුණා.

ඒ 2006 වර්ෂයේ දී වන අතර එම වාර්තාව උතුරු කොරියාව විසින් බිඳ දමා තිබෙනවා.