ඉන්දීය සාම හමුදාව හා එල්.ටී.ටී.ඊ සංවිධානය අතර හොඳ අවබෝධයක් මෙන්ම හිතවත් කමක් තිබු බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවේ හිටපු ජනරාල්වරයෙකු වන ශේනෝන් සිං බී.බී.සී ලෝක සේවාවට කරුණු අනාවරණය කර තිබෙනවා.
ඉන්දීය සාම හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ එම බලඇණිය ඔහු ද නියෝජනය කළ බවයි ශේනෝන් සිං පවසන්නේ.
තමන් සතු අවි ආයුධවලට වඩා ප්‍රබල අවි ආයුධ එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබු බවද ඔහු කියා සිටියා.
එමෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් විවිධ සංවිධාන මාර්ගයෙන් ඉන්දියානු සාම හමුදා කඳවුරුවලට පැමිණ යුද පුහුණුව ලබාගත් බවත් ඉන්දීය හමුදාවේ හිටපු ජනරාල්වරයෙකු වන ශේනෝන් සිං අනාවරණය කළා.
පුහුණුව සඳහා එල්.ටී.ටී.ඊ සාමාජිකයන් තම කඳවුරු වෙත පැමිණි අවස්ථාවල තමන් සතු අවි ආයුධ සඟවා තැබීමට ඉන්දීය සාම හමුදාව කටයුතු කළ බවද ඔහු බී.බී.සී ලෝක සේවාවට පවසා තිබෙනවා.