රටේ ඒකීය භාවයට හෝ බෞද්ධ ආගමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් කිසිඳු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් දල කෙටුම්පතක් හෝ සකස් කර නොමැති අවස්ථාවක ඇතැම් අන්තවාදීන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
දේශපාලන න්‍යාය පත්රයකට අනුව මෙලෙස අසත්‍ය ප්‍රචාර පතුරවමින් ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.