Thursday, May 2, 2024

General line - 0115112241

උතුරු කොරියාවට පහර දෙන්න අමෙරිකාව සූදානම් (VIDEO)




උතුරු කොරියාවට පහරදීම සඳහා සූදානමින් සිටින ලෙසට සිය යුද නෞකාවකට අමෙරිකාව නියෝග කර තිබෙනවා.

ජපාන මුහුදේ ආරක්ෂක කටයුතු නිරික්ෂණයේ යෙදී ඇති නෞකාවකටයි මෙලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර ඇත්තේ.

ප්‍රහාරක මිසයිලයකට උඩුගුවනේ දී ප්‍රතිප්‍රහාර එල්ලකර විනාශ කිරිමේ හැකියාව මෙම යුද නෞකාව සතුවනවා.

එමෙන්ම තවත් අධිබලැති යුද නෞකාවකට ද සීරුවෙන් සිටින ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

නමුත් එම අධිබලැති නෞකාව කුමන පළාතේ ස්ථාන ගත කර ඇති ද යන්න පිළිබඳව අමෙරිකාව ප්‍රකාශ කර නෑ.

අමෙරිකාවේ මෙම තීරණයත් සමග කුමන අවස්ථාවක වුවද දෙරට අතර යුද්ධයක් ඇති වීමේ ඉඩකඩ පවතින බවයි වාර්තා වන්නේ.