බලය බෙදීම දේශපාලඥයින් සඳහා නොව ජනතාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
සෑම කෙනෙකුටම සංවර්ධනයේ සම ප්‍රතිලාභ ලබා දෙමින් සහ සම පහසුකම් සහිතව සාධාරණ සමාජයක ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බලය බෙදීමේ අරමුණ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
එහෙත් එය කිසි විටෙකත් රට නොබෙදන වැඩපිළිවෙලක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.
ඒ, වව්නියාව සෛවප්‍රගාස බාලිකා විද්‍යාලයේ අද (21) පැවති උත්සවයක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවේචන සිදු කරන පුද්ගලයින් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කළ යුතු බවයි.
වව්නියාව දිස්ත්‍රික් නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහනේ සමාප්තිය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.
උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා යාපනයේ දී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ පවුලේ සුවදුක් විමසීම සඳහා ඔවුන්ගේ නිවස වෙත පැමිණියා.
ඒ, ඔවුන්ගේ සුවදුක් විමසීමට පැමිණෙන බවට විද්‍යා දැරියගේ මව වෙත මීට පෙර ලබාදුන් පොරොන්දුවක් අනුවයි.