ශ්‍රීපාද - හැටන් මාර්ගයේ නල්ලතන්ණියේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වා වූ පියගැටපෙලේ මහගිරිදඹ ප්‍රදේශයට කඩා වැටී ඇති කැලි කසල ඉවත් කිරීම අද (21) ආරම්භ කෙරුණා.
ඒ, ලක්ෂපාන යුද හමුදා කඳවුරේ සෙබළුන් විසින්.
ශ්‍රීපාද වන්දනාකරුවන් උඩමළුවට රැගෙන ගොස් මුදාහැර තිබූ පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළ කසල කන්දක් පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මහගිරි දඹ ප්‍රදේශයට කඩා වැටුණේ ඉකුත් 14 වනදායි.
මේ හේතුවෙන් එම මාර්ගය අවහිර වී පියගැටපෙළට හා ආරක්ෂිත වැටට අලාභ හානි සිදුව තිබුණා.
එම කසල තොගය නල්ලතන්ණිය දක්වා රැගෙන ඒමට රැස්කර තිබියදී එලෙස කඩා වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කඩා වැටී ඇති කසල තොගය මෙවර ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වීමට පෙර ඉවත් කර පියගැට පෙළ සහ ආරක්ෂිත වැට යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රීපාද භාරකාර මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.