සංඝ භේදය ඇති කරමින් හෝ බලයට පැමිණීමට විපක්ෂයේ කණ්ඩායම් ක්‍රියාකරමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
තිස්සමහාරාම නැදිගම්විල අද (21) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරිමට යහපාලන රජය බැඳී සිටින බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.
පසුගිය රජය විසින් හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපල වැනි අසාර්ථක ව්‍යාපෘති ඉදිකළ ද ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරා දී නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.