Thursday, May 2, 2024

General line - 0115112241

බ්‍රේන් සුළි කුණාටුව බ්‍රිතාන්‍යයට බලපෑම් කරයි




බ්‍රිතාන්‍යයට බ්‍රේන් සුළි කුණාටුවෙන් විශාල බලපෑමක් එල්ලවනු ඇති බව එරට කාලගුණ බලධාරින් පවසනවා.

මෙම කුණාටුව පැයකට කිලෝ මීටර 100ත් 150ත් වේගයෙන් හමා යන බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

වේල්ස් , දකුණු ,බටහිර,ඊසාන දිග යන වේල්ස් කලාපයට මෙන්ම අයර්ලන්ත කලාපයට ද මෙහි බලපෑම එල්ල වනු ඇති බවද සඳහන්.

බ්‍රේන් සුළි කුණාටුවෙන් අද (21) උදෑසන බ්‍රිතාන්‍යයට බලපෑම් එල්ල කළ අතර එය තවත් වර්ධනය වනු ඇති බවයි කාලගුණ බලධාරින් පෙන්වා දෙන්නේ.

කුණාටුවේ බලපෑමෙන් අඩි 40කට ඉහළට මුහුදු රළ පහරවල් ඇති වී තිබෙනවා.