Thursday, May 2, 2024

General line - 0115112241

කැටලෝනියා වත්මන් පාලනය ඉවතට




ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති කැටලෝනියා ප්‍රාන්තයේ වත්මන් පාලනය ඉවත් කිරීමට ස්පාඤ්ඤ රජය විසින් තීරණය කර තිබෙනවා.

එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මණින් කැටලෝනියාවේ නව මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවයි.

කැටලෝනියාවේ වත්මන් පාලනය යටතේ පවතින ආයතන මධ්‍යම ආණ්ඩුව වෙත පවරා ගැනීමට ද නියමිතයි.

ස්වයං පාලනයක් ඉල්ලා පසුගියදා කැටලෝනියාවේ ජනමත විචාරණයක් පැවති අතර පොලිසිය යොදවා එය මර්දනය කිරීමට ද ස්පාඤ්ඤ ආණ්ඩුව ක්‍රියා කළා.

කැටලෝනියාවේ ස්වයං පාලනය අත්හිටුවීමේ නිවේදනයක් ද එරට රජය පසුගියදා නිකුත් කළා.