උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වන්නේ ලිඛිත සැලසුම් නොව ප්‍රායෝගික විසඳුම් බව උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා.
එහි කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ එවැනි ප්‍රායෝගික විසඳුමක් ලබාදීමට බලධාරීන් මෙතෙක් සමත් වී නොමැති බවයි.
උමාඔය ව්‍යාපෘතියේ බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.
උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු හෝ ක්‍රියාත්මක නොවූ තත්ත්වයක් තුළ මෙවැනි සැලසුම් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
උමාඔය ව්‍යාපෘතියේ බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් මස පළමු වනදා සිට 2018 වසරේ ජනවාරී 30 වනදා දක්වා විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
ඒ අනුව එම කාලය තුළ උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් සියලූ ජනතාවට විසඳුම් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.