Sunday, January 12, 2025

General line - 0115112241

හම්බන්තොට විරෝධතාකරුවන්ට ඉහළම ගෞරවයක් හිමිවන ලකුණු

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




හම්බන්තොට ඉඩම් රැක ගැනීම වෙනුවෙන් විරෝධතාවලට එක්වූ පිරිස් සහා සිය ආණ්ඩුවක් යටතේ ඉහළම ගෞරවය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

අම්බලන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මේ බව කියා සිටියා.

කුමණ බාධක හමුවේ වුවද ජාතික සම්පත් සුරක්ෂිත කිරිමට ක්‍රියා කරන බවයි මන්ත්‍රීවරයා කියා වැඩිදුරටත් පැවසුවේ.

ඉකුත්දා හම්බන්තොට විරෝධතාවයේ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිසකගේ පවුල්වල සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.