Sunday, January 12, 2025

General line - 0115112241

මැලේරියා අවදානමක් නෑ

හර්ෂිකා සංජීවනී




රට තුළ යළි මැලේරියා රෝගය පැතිර යාමේ කිසිඳු අවදානමක් නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා.

උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලින් මැලේරියා මදුරු වාහකයින් හමුවීමත් සමග රට තුළ යළි එම රෝගය පැතිර යාමේ අවදානමක් මතුව තිබෙන බවයි කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ වාහක මදුරුවන් හමුවූ පමණින් යළි මැලේරියා රෝගය ව්‍යාප්ත විය හැකි බවට ප්‍රකාශ කළ නොහැකි බවයි.

ආවේක්ෂණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බැවින් රෝගය බෝ වීමේ හැකියාව අවම බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරන ලද්දේ පසුගිය වසරේදීයි.