Thursday, May 2, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් මානසීක ආබාධිතයෙක්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානසීක ආබාධිතයෙකු බව එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසනවා.

එම නිසා ඔහුව ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීම සඳහා විශ්වාස භංගයක් අමෙරිකානු පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන මූල්‍ය සැපයුමුකරු වන ස්ටේයාර් පවසා තිබෙන්නේ.

අමෙරිකාව හා උතුරු කොරියාව අතර පවතින වාග් ප්‍රහාර නුදුරු දිනකදී යුද්ධයක් බවට පරිවර්තනය වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම තත්ත්වයට හේතුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බවත් ඔහු අධි මානසීක රෝගයකින් පෙළෙන බවත් ස්ටේයාර් කියා සිටියා.

උතුරු කොරියාවට එරෙහිව සිය ට්වීටර් පිටුව මගින් ට්‍රම්ප් සිදු කරන ප්‍රකාශ ඔහුගේ එම රෝගී තත්ත්වය විදහා දක්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය තුල වර්තාමනයේ ඇති වී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ් බුෂ් චෝදනා එල්ල කර තිබෙනවා.