හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන අනතුරකට ලක්වී සුළු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහු කොස්ගම ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව තුවාල ලබා ඇති බව සඳහන්.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් මෝටර් රථය ඉදිරියෙන් පැමිණි තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෝටර් රථයේ ගැටුණු අනෙක් රථයේ තිබී කිලෝග්‍රෑම් 4කට ආසන්න බරකින් යුත් කේරළ ගංජා පාර්සල් 2ක් ද සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවා.
එහි ගමන් ගත් අවුරුදු 28ක සහ 31 ක පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මාළිගාවත්ත සහ තල්දූව ප්‍රදේශවල පදිංචිකරුවන්.