චෙක් ජනරජයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා එරට මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.
අන්ඩ්‍රේ බාබිස් නමැති ඔහු 63 හැවිරිදි අයෙක්.
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පදනම් වී තිබුණේ යුරෝපා සංගමයේ බලතල පැතිරවීමට එරෙහිවයි.
බාබිස්ගේ ඒ.එන්.ඕ. පක්ෂය සියයට 30ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණා.
දෙවැනි හා තුන්වැනි ස්ථානයට වැඩිම ඡන්ද හිමි පක්ෂ ලබාගෙන තිබුණේ සියයට 10 බැගින් වන ඡන්ද ප්‍රතිශතයක්.
ඒ අනුව චෙක් ජනරජයේ නව අගමැතිවරයා ලෙස ආන්ඩ්‍රේ බාබිස් තේරී පත්වීමට නියමිතයි.