Sunday, April 28, 2024

General line - 0115112241

ඉතිහාසය අමතක වූවන්ට ඒ ගැන මතක් කිරිමක්




නීති සම්පාදන ක්‍රියාවලිය සඳහා මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගැනීම මෙරට සම්ප්‍රදාය බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

ඉතිහාසයේ මෙරට සියලූ වැදගත් සිද්ධීන්වලදී මහා සංඝරත්නය මැදිහත් වී ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ.

රටේ පාලන කටයුතු සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගැනීම පිළිබඳව සිවිල් සංවිධාන ඉකුත් දා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී උන්වහන්සේ මේ බව අවධාරණය කළා.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සංහිඳියාවට බාධාවක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සංඝ භේදය සම්බන්ධයෙන් පළකෙරෙන අදහස් පිළිබව ද මෙහිදී නෙත් නිවුස් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් විමසා සිටියා.

උන්වහන්සේ කියා සිටියේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා එවැනි ක්‍රියාවක නිරත නොවන බවත් එවැනි ක්‍රියාවල නිරතවන පිරිසට ඉඩදීම පිළිබඳ වරදක් පවතින බවයි.

ඇතැම් කාරණා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ලබාදෙන අනුශාසනා ඒ ආකාරයෙන්ම පිළිගත යුතු නැති බවයි සිවිල් සංවිධාන නියෝජිතයින් වන සමන් රත්නප්‍රිය හා ගාමිණි වියන්ගොඩ ඉකුත්දා කියා සිටියේ.