Sunday, April 28, 2024

General line - 0115112241

හිටපු ජනපති ගෙදර ගිය හැටි ඇමති දයා ගමගේ හෙළි කරයි




ඉකුත් ආණ්ඩුව ලබාගත් ණය 2025 වනවිට ගෙවා අවසන් කිරීමට වත්මන් ආණ්ඩුව සුදානම් බව අමාත්‍ය දයා ගමගේ පවසනවා.

අමාත්‍යවරයා කියාසිටියේ කවුරුන් කුමන බලපෑම් එල්ල කළ ද ආණ්ඩුව බිදැමිය නොහැකි බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ධුරය අහිමි වීමට බලපෑ හේතුවක් පිළිබව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වූවා.

තමාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන බවත් තමාට ඔහු සමග දේශපාලනය කිරිමට පැමිණෙන ලෙසත් අවස්ථා කිහිපයක දී යෝජනා කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ජනතා මුදල් කොල්ල කෑම ට සුදානම් නොවු තමන් වෙනත් මාවතක් සොයා ගත් බවයි කියා සිටියේ.

අමාත්‍ය දයා ගමගේ මෙම අදහස් පළකළේ හලාවතදී පැවැති පුත්තලම දිස්ත්‍රික් ව්‍යාපාරිකයින්ගේ හමුවකදීයි.