පන්නිපිටිය ප්රදේශයේදී ඊයේ (21) සවස තියුණු ආයුධයකින් පහරකෑමේ සිද්ධියට මුහුණ දුන් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ අධිකාරි සුමිත් රංජන් මේ වන විට ප්රතිකාර ලබා ගැනීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
තමාට මුහුණ දෙන්නට සිදු වූ සිද්ධිය ගැන ඔහු මෙලෙස විස්තර කළා.
"මම සවස හෝමාගම යන අතරතුර තේ එකක් බොන්න පන්නිපිටිය හරියෙන් වාහනය නවත්වලා බැස්සා.. ඒත් එක්කම පුද්ගලයෙක් ඇවිත් බදා ගත්තා.. මම ඔහුව තල්ලු කළා.. පස්සේ මගෙන් එයා සල්ලි ඉල්ලුවා.. ආයෙත් ක්රියාත්මක වූ ඔහු මගේ බඩට පිහියකින් අනින්න හැඳුවා..ඒ වෙලාවේ මම ඔහුගේ මුහුණට පහර දුන්නා.. එතකොට මගේ අත තුවාල වුණා පිහිය වැදිලා.. ඒත් එක්කම මිනිහා පැනලා දිව්වා. මමත් තුවාල පිටින්ම පස්සෙන් දිව්වා.. කිසිකෙනෙක් ළං වුණේවත් නැහැ.. මීටර් 100ක් විතර දුවලා මම එයාව අල්ල ගත්තා.. මිනිහා සෑහෙන්න දැඟලුවා.. මම බැරිම තැන බිම වැට්ටුවා. මිනිහට හෙල්ලෙන්න බැරි වෙන්න මම බිම වට්ටලා තියාගෙන තමයි පොලිසියට කතා කළේ."
-------------------------------------
බන්ධනාගාර අධිකාරිවරයකුට ප්රහාරයක්
(22-10-2017 12:41)
පන්නිපිටිය ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයා තුවාල ලබා තිබෙනවා.
ඊයේ (21) පස්වරුවේ නාඳුනන පුද්ගලයකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සැකකරු විසින් සුමිත් රංජන් නමැති මෙම බන්ධනාගාර අධිකාරිවරයාගෙන් මුදල් ඉල්ලා ඇති අතර එය ලබානොදීම හේතුවෙන් පහරදීම සිදුකර තිබෙනවා.
පහරකෑමට ලක්වූ බන්ධනාගාර අධිකාරිවරයා විසින්ම සැකකරු මහරගම පොලීසියට භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තුවාල ලැබූ බන්ධනාගාර අධිකාරිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැත්කමකට ද භාජනය කෙරුණා.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා.