Sunday, April 28, 2024

General line - 0115112241

අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වඩා ප්‍රමුඛතාව අධිවේගී මාර්ගවලට




පසුගිය දශකය තුළ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වඩා තුන්ගුණයක් අධිවේගී මාර්ගවලට වියදම් කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආර්ථීක, දේශපාලන හා සමාජයීය කාරණා පිළිබප්‍රකාශයක් කරමින්.

මාර්ග ඉදිකිරිම සඳහා විශාල මුදලක් වැය කර ලෝක ප්‍රවාහන හා මහා මාර්ග තත්ත්ව සටහනේ 35 වන ස්ථානය හිමි කර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සහන් කළේ රාජ්‍ය ආයෝජන බුද්ධිමත් ලෙස භාවිත නොකළහොත් රට තව තවත් ණය අර්බුදයකට ලක්වන බවයි.