Monday, April 29, 2024

General line - 0115112241

ගජමිතුරන් ගැන කියන අමෙරිකාවේ ජනපති




සමාජ ජාල නොමැති නම් තමන්ට අමෙරිකාවේ ජනාධිපතිවරයා විය නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මාධ්‍ය විසින් තමන් පිළිබඳ එල්ල කරන චෝදනා ආදිය තමන්ට ඍජුවම සමාජ ජාල ඔස්සේ පිළිතුරු දීමට හැකි බවයි ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ.

ෆේස්බුක්, ට්විටර් හා ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාල සිය ගජමිතුරන් බවට ද මාධ්‍ය සාකච්ඡාවකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

ඇතැම් ආන්දෝලනාත්මක සිද්ධීන් හෝ තමන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ කරන ප්‍රකාශ පිළිබ වඩාත් සැළකිලිමත් වන ලෙසට බොහෝ පාර්ශව තමන්ට උපදෙස් දෙන බවයි ට්‍රම්ප් සහන් කරන්නේ.

එහෙත් සමාජ ජාල ඔස්සේ තමන් මුදාහැරි කිසිඳු අදහසක්, වචනයකින් හෝ ආපසු ගැනීමට හෝ මකාදැමීමට කිසිසේත් සූදානම් නොමැති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.