Monday, April 29, 2024

General line - 0115112241

බලපිටිය, වතුගෙදරට පොලිස් ආරක්ෂාව




බලපිටිය, වතුගෙදර ආඳාදොළ ප්‍රදේශවාසීන්ට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ දින දෙකක පමණ සිට මෙම පහරදීම් සිදුවන බවයි.

එම පහරදීම්වලින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනකු ප්‍රතිකාර සහා කරාපිටිය මහ රෝහලට ඇතුළත් කෙරුණු බව ද නෙත් නිවුස් වාර්තාකරු සහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරමකට එරෙහි වීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට මෙම කළහකාරී පිරිස විසින් පහරදීම් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

ප්‍රබල පාතාල කල්ලි නායකයකුගේ සාමාජිකයින් පිරිසක් විසින් අදාළ පහරදීම් සිදුකර ඇති බව ද නෙත් නිවුස් වාර්තා කරු පැවසුවා.

මේ වනවිට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.