Monday, April 29, 2024

General line - 0115112241

මාතලේට ඩෙංගු අවදානමක්

හේවා පී. කරුණාරත්න




පවතින වර්ෂාව සමග මාතලේ දිස්ත්‍රික්කය තුළ යළි ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලලිත් දිසානායක පවසනවා.

ඒ අනුව පරිශ්‍ර පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙසයි අධ්‍යක්ෂවරයා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

මෙම වසරේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2584 දෙනෙක් වාර්තා වී තිඛෙනවා.

ඉන් වැඩි රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ උකුවෙල මාතලේ නගර සීමාව, රත්තොට සහ දඹුල්ල නගර සීමාවලිනුයි.