Tuesday, April 30, 2024

General line - 0115112241

දලායි ලාමා දේශපාලන නායකයෙක්




ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලායි ලාමා තුමන් විදේශ රටවල නායකයින් හමුවීම විශාල වරදක් බව චීනය පවසනවා.

ටිබෙටය චීනයේ පාලනය යටතේ පවතින බැවින් තම රටේ නීතියට පටහැනිව දලායි ලාමා තුමන් ක්‍රියා කරන බවයි චීනය චෝදනා එල්ල කර  ඇත්තේ.

තමන්ට ස්වයං පාලනයක් ලබාදෙන ලෙස ඉල්ලා ලාමා තුමන් දිගින් දිගමට චීනයෙන් ඉල්ලා සිටියා.

නමුත් එය ක්‍රියාත්මක නොවු නිසා ලාමා තුමන් ලොව රටවල සහයෝගය අපේක්ෂා කර ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

1959 වසරේ දී චීනය අතැර දැමු ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලායි ලාමා තුමන් දැනට ඉන්දියාවේ වාසය කරනු ලබනවා.

එමෙන්ම ලාමා තුමන් ලොව නායකයන් හමුවීම චීනයේ අනාගතයට බාධාවක් බවයි එරට බලධාරින් පෙන්වා දෙන්නේ.

දලායි ලාමා යනු අධ්‍යාත්මික නායකයෙකු නොව දේශපාලන නායකයෙකු බවයි චීනය හඳුන්වා දී තිබෙන්නේ.