යාපනය මනියන්තෝට්ටම් ප්රදේශයේ අද (22) සවස 3.00ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කරමින් මෙලෙස වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාලකරු වයස අවුරුදු 27 ක් වූ යාපනයේ අරියාලේ පදිංචිකරුවෙක්. සැකකරුවන් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.