Tuesday, April 30, 2024

General line - 0115112241

ජපාන මහමැතිවරණයෙන් සුපිරි බලයක් ලැබෙයි




ජපානයේ පැවති මහමැතිවරණයෙන් අග‍්‍රාමාත්‍ය ෂින්ෂෝ ආබේගේ පාලක පක්‍ෂය තුනෙන් දෙකක සුපිරි බහුතරයක් අත්කර ගෙන ඇති බවට වාර්තා පළ වනවා.

එහෙත් ඇතැම් මාධ්‍යය වාර්තා කළේ මැතිවරණයෙන් තුනෙන් දෙකකට ආසන්න බහුතරයක් පමණක් අග‍්‍රාමාත්‍යවරයාගේ පක්‍ෂයට ලැබී ඇති බවයි.

කෙසේවෙතත් 3 වන වරටත් තවත් වසර තුනක කාලයක් සඳහා ෂින්ෂෝ ආබේට ඔහුගේ පක්‍ෂයේ මුල් පිටුව හිමිවනු ඇති. එමෙන්ම ජපානයේ වැඩිම කාලයක් අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවට පත්වීමටද ඔහුට හැකිවන බවයි දේශපාලන විචාරකයින් මත පළ කරන්නේ. ඔහු අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2012 වසරේදීයි.