Sunday, January 12, 2025

General line - 0115112241

හෙට සිට දුම්රිය තාවකාලිකව උතුරට නොයයි




උතුරු දුම්රිය මාර්ගයේ නාවත්කුලිය හා යාපනය යන දුම්රිය ස්ථාන අතර කොටසේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, හෙට (23) සිට ලබන 27 වැනිදා දක්වායි.

පාලමක අලුත්වැඩියා කටයුතු ඊට හේතුව බවයි ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය නාවත්කුලිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමාවනු ඇති. එතැන් සිට යාපනය දක්වා බස් රථ ඔස්සේ මගීන් ප‍්‍රවාහනය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.