හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සම්මන්ත‍්‍රණයකදී සිය අදහස් පළ කළා.
එහිදී ඔහු සඳහන් කළේ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුත්තේ බලය බෙදීමෙන් නොවන බවයි.
එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ පශ්චාත් යුද සමයේ සංහිඳියාව වෙනුවෙන් සිය රජය සමයේ ඉටු කළ කාර්යයෙන් දහයෙන් එකක්වත් වත්මන් රජය මේ වන තෙක් ඉටුකර නොමැති බවයි.
සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ පොදු ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ බලය බෙදීමෙන් නොවන බවත් බලය බෙදීමෙන් ඒ ආකාරයේ ප්‍රශ්න විසඳු එකම රටක් පිළිබඳවත් තමා නොදන්නා බවත් සඳහන් කළා.
උදාහරණයක් ලෙස තවමත් ලෝකයේ සිටින ප්‍රබලම හතුරන් දෙදෙනා ඉන්දියාව සහ පාකිස්ථානය බවත් රට බෙදුවා කියා ඔවුන්ගේ ප්‍රශ්න විසඳී නොමැති බවත් පෙන්වා දුන්නා.