හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවාදයකට තමන් සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (22) ප්‍රකාශ කළා.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ අභියෝගය පරිදි මෙම විවාදයට සුදානම් බවයි තංගල්ලේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සඳහන් කළේ.
එමෙන්ම තම පක්ෂය පිළිබඳව අදහස් දක්වන පාර්ශ්ව විවේචනයට ලක් කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අගමැතිවරයාට කතා කරමින් හිටපු ජනාධිපතිවරයා නඩුවලට හසුවූවන්ට ඇප ලබා ගන්නා බවයි කියා සිටියේ.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන දෙදෙනාට ඇප හිමිවූ නඩුව සහ පසුගිය දා හම්බන්තොට උද්ඝෝෂණය හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට ඇප හිමිවීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී සඳහන් කළා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.