Sunday, January 12, 2025

General line - 0115112241

දැනට තියෙන එකත් ඉවත් කළ යුතුයි - කෝට්ටේ සංඝ සභාව කියයි




නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදන කෙටුම්පත් මණ්ඩලය දැනට ඉදිරිපත් කර ඇති ඇතැම් යෝජනා ඉවත් කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පවසනවා.

එම යෝජනා කි‍්‍රයාවට නැංවීමේදී ගැටළු රැසක් උද්ගත වියහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ පැවති විශේෂ කාරක සංඝ සභා රැස්වීමෙන් පසු උන්වහන්සේ මාධ්‍යහමුවේ මේ බව කියාසිටියා.

"මේක කෙටුම්පතක්වත් පනතක්වත් නොවන බව පැහැදිළිව දන්නවා. නමුත් කෙටුම්පතක් හදන්න යෝජනා මාලාවක් මේ තියෙන්නේ. හදන්න ඉස්සරවෙලා අපේ අදහස් පළ කළේ. ඒවා ප්‍රයෝජනයට ගන්න. මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අලුතින් හදන්න යන එක කාලෝචිත නෑ. දැනට මේ යෝජනා මාලාව තාවකාලිකව ඉවත් කරලා පසුව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙනවා නම් ඒ කරුණු සංශෝධනය කරගෙන ඉදිරියට යන්න කියල තමයි අපි තීරණය කළේ." යනුවෙන්ද සඳහන් කළා.