රුපියල් කෝටි 26 කට දළදා මාළිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගත් බවට පළවන වාර්තා ප්‍රතිකේෂ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
ඔහු කියා සිටියේ මෙම අලියා දළදා මාළිගාවට ලැබුණේ පරිත්‍යාගයක් ලෙස බවයි. එක් අලියෙකු පමණක් නොව අලීන් දෙදෙනෙකු එහිදී ලැබුණු බවද දියවඩන නිලමේවරයා අවධාරණය කළා.
විවෘත වෙළඳපොළෙන් රුපියල් කෝටියත් කෝටි එකහමාරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී අධික මුදලක් වැය කරමින් දළදා මාළිගාවට අලියෙකු මිලදී ගෙන ඇති බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඉහත කරුණු අනාවරණ කළේ නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
එහිදී ඔහු කියා සිටියේ මියන්මාරයෙන් අදාළ අලි ලබාදීමේදී වටිනාකම ලෙස රුපියල් කෝටි 26ක මුදලක් සඳහන් කර තිබූ බවයි.
එය හුදෙක් වටිනාකම තක්සේරු කිරීමක් පමණක් මිස දළදා මාළිගාව එවැනි මුදලක් ගෙවා අලි මිලදී නොගත් බවද මෙහිදී අවධාරණය කෙරුණා.
මෙම අලි දළදා මාළිගාවට රැගෙන ඒමට පවා කිසිඳු ප්‍රවාහන වියදමක් හෝ වැය නොවූ බවයි දියවඩන නිලමේවරයා සදහන් කළේ.
දළදා මාළිගාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමේ පවා අලි මිලදී ගැනීමට වැය වූ බව පැවසෙන තරම් විශාල මුදලක් නොමැති බවයි ප්‍රකාශ කෙරුණේ.
අදාළ වාර්තා පදනම් කර ගනිමින් කිසියම් හෝ විමර්ශනයක් සිදුවන්නේ නම් ඒ සදහා මුහුණදීමට සූදානම් බවද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නෙත් නිවුස් වෙත කියා සිටියා. තමන්
මේ වනවිට විදේශගතව සිටින බවත් ශ්‍රී ලංකාවට පැමිණි වහාම ඊට සිය සහාය ලබාදෙන බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.