Sunday, January 12, 2025

General line - 0115112241

මහා සංඝරත්නයේ අදහස් පාලකයන් පිළිගත යුතුයි

සජිත් තිලකරත්න




මහා සංඝරත්නයේ අදහස්, උපදෙස් සහ අවවාද පිළිගැනීම රටක පාලකයින් විසින් අනිවාර්යයෙන් සිදුකළ යුතු කරුණක් බව මල්වතු පාර්ශවය අවධාරණය කරනවා.

එහි අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සහන් කළේ එසේ නොකිරීමෙන් ගැටලූ ඇතිවිය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව හා බුදුදහම අතර සම්බන්ධය ඉතිහාසයේ සිට වර්ධනය වෙමින් පැවතෙන්නක්.

මහානායක හිමිවරුන් ප්‍රමුඛ කිසියම් හෝ සංඝ සභාවක් විසින් සාමූහිකව පළකරනු ලබන අදහස් පිළිබ සැළකිලිමත් විය යුතු බව ද අනුනායක හිමියන් ප්‍රකාශ කළා.

ඕනෑම කටයුත්තක් සහා මහා සංඝරත්නයේ මූලිකත්වය ඉතිහාසයේ සිටම පැවතෙන්නක් බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

උන්වහන්සේ මෙම අදහස් පළකළේ රටේ පාලන කටයුතු සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගැනීම පාදක කරගනිමින් සිවිල් සංවිධාන ඉකුත් දා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

ඇතැම් කාරණා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ලබාදෙන අනුශාසනා ඒ ආකාරයෙන්ම පිළිගත යුතු නැති බවයි සිවිල් සංවිධාන නියෝජිතයින් වන සමන් රත්නප්‍රිය හා ගාමිණි වියන්ගොඩ ඉකුත්දා ප්‍රකාශ කළේ.

ඒ පිළිබ අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද ඊයේ (22) ප්‍රකාශ කළේ නීති සම්පාදන ක්‍රියාවලිය සඳහා මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගැනීම මෙරට සම්ප්‍රදාය බවයි.

ඉතිහාසයේ මෙරට සියලූ වැදගත් සිද්ධින්වලදී මහා සංඝරත්නය මැදිහත් වී ඇති බව ද එහිදී අවධාරණය කෙරුණා.