Sunday, April 28, 2024

General line - 0115112241

උද්ධමනය ඉහළ ගිහින්




ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ උද්ධමනය අගෝස්තු මාසයට වඩා දශම 7කින් වැඩි වී තිබෙනවා. 

ජුලි මස උද්ධමනය සියයට 6.3ක් වූ අතර අගෝස්තු මාසයේදී එය සියයට 7.9ක් දක්වා වැඩි වුණා. ඉකුත් සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 8.6ක් දක්වා තවදුරටත් වැඩි වී තිබෙන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ. 

සැප්තැම්බර් මාසයේ උද්ධමනය මෙලෙස වැඩි වීමට ප‍්‍රධාන බලපෑමක් සිදු කර තිබෙන්නේ ආහාර ඛාණ්ඩයේ සිදුව ඇති මිල වැඩි වීමයි.

විශේෂයෙන්ම සහල්, පොල්, ලොකු ළුණු, රතු ළුණු, සීනි, කෙසෙල් සහ පැපොල් යන ආහාරවල මිල සැප්තැම්බර් මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවා.

කෙසේවෙතත් සැප්තැම්බර් මස පළමුවැනිදා සිට අන්තර්ජාල ගාස්තු සඳහා වන විදුලි සංදේශ බද්ද ඉවත් කිරීම නිසා එම මාසයේදී සන්නිවේදන වියදම් අඩු වී තිබෙන බවයි ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.