Sunday, April 28, 2024

General line - 0115112241

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහනයක් නම් ඉක්මණින් ලියාපදිංචි වෙන්න

එම් එම් පී ජී පෙරේරා




පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන ලියාපදිංචි වී තිබීම ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට උතුරු මැද පළාත තුළ අනිවාර්ය කර තිබෙනවා.

මේ පිළිබඳ පාසල් සේවා වාහන හිමිකරුවන් සමග අවබෝධතා ගිවිසුමකටද එළඹීමට කටයුතු කරන බවයි උතුරු මැද මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පැවසුවේ.

එහි සභාපති කිත්සිරි විජේසිංහ සඳහන් කළේ ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදායින් පසුවත් ලියාපදිංචි නොවන පාසල් සේවා වාහන සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි. අදවන විට පාසල් දරුවන් වැඩි වශයෙන් විවිධ අපචාරවලට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් ඇති බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් පෙන්වා දුන්නා.

ලියපදිංචි වන පාසල් සේවා වාහන සඳහා මුල්‍ය සහ මුල්‍ය නොවන ප‍්‍රතිලාභද හිමිවන බවයි උතුරු මැද මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය කියා සිටියා.