Saturday, April 27, 2024

General line - 0115112241

සිසුවියන් දෙපිරිසක් ගුටි ඇන ගනී (PHOTOS)

රොෂාන් තුෂාර - පොළොන්නරුව




අධ්‍යාපන විද්‍යා පීඨයක සිසුවියන් දෙපිරිසක් අතර ඊයේ (23) රාත්‍රියේදී ගැටුමක් ඇති වී තිබෙනවා.

ගැටුම තවදුරටත් ඇතිවීම වැලැක්වීම සඳහා මෙන්ම ඊයේ රාත්‍රියේදී සිසුවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම විද්‍යා පීඨයට පොලිසිය යොදවා සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.  

පොළොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවියන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන තිබුණේ.

මෙසේ පළමු වසර ඉගෙනුම ලබන සිසුවියන් හා දෙවන වසර ඉගෙනුම ලබන සිසුවියන් අතර මෙම ගැටුම ඇතිවී තිබෙනවා. දෙවන වසර සිසුවියන් විසින් පළමු වසර සිසුවියන් සඳහා නවක වදය ලබා දීමේ සිද්දියක් මුල් කරගෙන උණුසුම් වචන හුවමාරුව පසුව ගුටිබැට ඇණ ගැනීමක් දක්වා දුරදිග ගොස් තිබුණා.

විදුලිය විසන්ධි කර නේවාසිකාගාරයේ පිගන් පොළොවේ ගසා ඇති බවද විද්‍යා පීඨයේ මුරකරුවෙකු සඳහන් කර තිබෙනවා.