අලුත්ගම වීරච්චි කන්ද ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් මියගිය තරුණයෙකුගේ අවසන් කටයුතු ඊයේ (23) සිදු කෙරුණා.
ඔහුගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැරේ දී වෛද්‍යවරුන්ට සහ අලුත්ගම පොලිසියට විරෝධය දක්වන පුවරුද රැගෙන යනු දක්නට ලැබුණා.
ඇතැම් වෛද්‍යවරුන්ගේ නම් සඳහන් කරමින් මිනීමරුවන් ලෙස ඇතැම් විරෝධතා පුවරුවල ප්‍රදර්ශණය කර තිබුණා.
පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මෙම මරණයට විරෝධය දක්වමින් රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ වරදටයි.
දේහය රැගත් අවමංගල්‍ය පෙරහැරේ දර්ශන පහතින් දැක්වෙනවා.