එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිට දේශපාලන මෙවලමක් වී ඇතැයි විද්වතුන් පවසනවා.
අදට (24) යෙදෙන එක්සත් ජාතීන්ගේ දිනය නිමිත්තෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔවුන් ඒ බව පැවසුවේ.
නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ එක්සත් ජාතක සංවිධානය ප්රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මත කර ගනිද්දී රුසියාව චීනය වැනි රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව සිටි බවයි. ඔවුන් එසේ කළේ ශ්‍රී ලංකාවට හිතාවාදී වීමට වඩා අමෙරිකාව ප්රමුඛ බටහිර රටවලට එරෙහිව කටයුතු කිරීමේ අවශ්‍යතාව නිසා බවත් පෙන්වා දුන්නා.
බලවතුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ක්‍රියාකරමින් සිටීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි මුල් අරමුණුවලින් ඈත් වී ඇතැයිද මෙම විමසීමේදී ප්‍රකාශ කෙරුණා. දේශපාලන විශ්ලේෂකයෙකු වන මොහාන් සමරනායක පෙන්වා දුන්නේ අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය බලවත් රටවල යටි භූ දේශපාලනික අරමුණු ඉටු කරදීමේ මෙවලමක් බවට පත්ව ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ආරම්භක අරමුණුවලින් ඈත්ව ක්‍රියා කිරීම හැකි ඉක්මණින් නතර කළ යුතු බවද,එසේ නොවුණහොත් යළිත් මහා ව්‍යසනයක් සිදුවිය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටුවා ගැණුනු එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 වසරේ ඔක්කෝම්බර් මස 24 වැනිදා සිට බලාත්මක වුණා. අද සැමරෙන්නේ එහි 72 වන වර්ෂ පූර්ණයයි.