හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අධිකරණ නියෝගයක් කඩ කර ඇත්දැයි විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අද (24) නියෝග කළා. ඒ, රාත්‍රී සමාජ ශාලාවකදී බි්රතාන්ය ජාතික යුවලකට පහරදුන් බවට ඔහුට එරෙහිව පවරා ඇති නඩුවක් අද කැඳ වූ අවස්ථාවේදියි.
රාත්‍රී සමාජ ශාලාවලට ඇතුළු විම මාලක සිල්වාට තහනම් කරමින් අධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා. නඩුවේ අගතියට පත් පාර්ශවය අධිකරණය හමුවේ කියා සිටියේ මාලක සිල්වා එම නියෝගය කඩ කර ඇති බවයි. ඔහු තවමත් රාත්‍රී සමාජ ශාලාවලට ඇතුළුවන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ද එහිදී ප්‍රකාශ කෙරුණා.
මාලක සිල්වා අධිකරණ නියෝගයක් කඩ කර ඇත්දැයි විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේ ද ඒ අනුවයි. මෙම නඩුව ලබන වසරේ මාර්තු 6 වනදා දක්වා කල් තැබුණා.