Sunday, January 12, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා - පාකිස්ථාන එක්දින සටන අතරේ 'වාර්තා පොත අලුත් කළ' සිදුවීම් මෙන්න 

කසුන් කැළුම්




පාකිස්ථානු  කණ්ඩායම හමුවේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල 5-0ක්  ලෙස පරාජය වූ  එක්දින තරගාවලියේදී  වාර්තා රැසක් බිහි වුණා.

එම වාර්තා අතරින් ප්‍රධාන වාර්තා පහතින් දැක්වෙනවා.

01. 5 වැනි එක්දින තරගයේදී සදීර සමරවික‍්‍රම බින්දුවට දැවී යාම වාර්තා වූයේ සිය පළමු එක්දින තරග දෙකේදී ලකුණු නොලබා දැවී ගිය දෙවන ශී‍්‍ර ලංකා පිතිකරුවා ලෙසයි. (පළමු ශි‍්‍ර ලාංකික කී‍්‍රඩකයා සුසිල් ප‍්‍රනාන්දු - 1983)

02. පිට පිටම එක්දින තරග දෙකකදී ලකුණු නොලබා දැවී ගිය ලොව 3 වන පිතිකරුවා වූයේ ද  සදීර සමරවික‍්‍රමයි.මීට පෙර සචින් ටෙන්ඩුල්කාර් සහ කේන් විලියම්සන් මෙලෙස අවාසනාවන්ත ලෙස දැවී ගොස් තිබුණා.

03. පාකිස්ථානයේ උස්මන් ඛාන් 5 වැනි එක්දින තරගයේදී පන්දු 21කදී කඩුලූ 5ක් දවා ගැනීම සටහන් වූයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් කඩුලූ 5ක් දවා ගත් ලොව 3 වන පන්දු යවන්නා ලෙසයි. චමින්දවාස් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ පන්දු 16කදී කඩුලූ 5ක් දවා ගනිමින්.  


04. පාකිස්ථානයේ  උස්මන් ඛාන් 5 වැනි එක්දින තරගයේදී පන්දු 21කදී කඩුලූ 5ක් දවා ගැනීම සටහන් වූයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් කඩුලූ 5ක් දවා ගත් ලොව 3 වන පන්දු යවන්නා ලෙසයි. චමින්දවාස් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ පන්දු 16කදී කඩුලූ 5ක් දවා ගනිමින්.  


05. නිපන්දු නොමැතිව පාකිස්ථානයේ  පන්දු යවන්නන් අවසන් කළ හොඳම තරගාවලිය ලෙසද මෙය වාර්තා පොත් අතරට එක් වනවා.

06. එකම කී‍්‍රඩාංගණයකදී එක්දින තරගයකදී ලකුණු 105කට අඩුවෙන් වැඩි වාර ගණනකදී දැවී ගිය දෙවන කණ්ඩායම ලෙස ශී‍්‍ර ලංකා පිල වාර්තා පොත් අතරට එක් වුණා.ශී‍්‍ර ලංකා පිල මේ වන විට සාජා පිටියේදී ලකුණු 105ට අඩුවෙන් අවස්ථා 4කදී දැවී ගොස් තිබෙනවා. මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් අවස්ථා 6කදී ලකුණ 105ට අඩුවෙන් හරාරේ කී‍්‍රඩාංගණයේදී දැවී ගොස් තිබෙනවා..
(අවස්ථා 6- Zimbabwe at Harare,අවස්ථා 4 - Sri Lanka at Sharjah*,අවස්ථා 4 -Bangladesh at Mirpur, Dhaka)

07. එක්දින තරගාවලියක පාකිස්ථානය වෙනුවෙනු වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවා ගත් දෙවන පන්දු යවන්නා ලෙස හසන් අලි වාර්තා පොත් අතරට එක් වුණා.ඔහු මෙම තරගාවලියේදී කඩුලූ 14ක් දවා ගැනීමට සමත්වවුණා.එමෙන්ම තරග 5කින් සමන්විත තරගාවලියක වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවාගත් පාකිස්ථාන පන්දු යවන්නා ලෙසද හසන් අලි මෙහිදී වාර්තා  පොත් අතරට එක්ව තිබෙනවා.

(කඩුලු 15 - R Naved v IND 2005,කඩුලු  14 Hasan Ali v SL 2017*,කඩුලු 13 - Afridi v SL 2011,කඩුලු 13 - Junaid v SL, 2013)


08. පාකිස්ථාන එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ මුල් පෙළ සඳහා වමත් පිතිකරුවන් 3 දෙනෙකු යෙදවූ 3 වන අවස්ථාව ලෙස මෙම තරගය වාර්තා අතරට එක්වුණා. මීට පෙර 1995 වසරේ සාජා හි ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවති තරගයකදී පාකිස්ථාන කණ්ඩායම මෙලෙසින් වමත් පිතිකරුවන් 3 දෙනෙකු මුල්පෙළට කී‍්‍රඩා කර තිබෙනවා.

09. ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට අඛණ්ඩව එක්දින තරග 12ක් පරාජයට පත්ව ඇති අතර  මීට පෙර 1987-1988 කාලසීමාවේදී ශී‍්‍ර ලංකාව අඛණ්ඩව එක්දින තරග 14ක් පරාජයට පත්ව තිබුණා.


10. පාකිස්තානය තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් ශී‍්‍ර ලංකාවට එරෙහිව ජයගත් පළමු අවස්ථාව මෙයයි.

Pakistan's 5-0 Whitewashes

v Zimbabwe, 2002
v Bangladesh, 2003
v N Zealand, 2003
v Zimbabwe, 2008
v Bangladesh, 2008
v S Lanka, 2017

11. තරග 5කින් සමන්විත තරගාවලියක් ශී‍්‍ර ලංකාව පරාජයට පත් වූ සිවුවන අවස්ථාව මෙයයි.

 

12. ශී‍්‍ර ලංකාව වසරක් තුළ කී‍්‍රඩා කළ එක්දින තරග 26න් මේ දක්වා එක්දින තරග 21ක්ම පරාජය වී තිබෙනවා.


13. පාකිස්ථානය මෙම තරග ජයත් සමග මේ දක්වා එක්දින තරග 9ක් අඛණ්ඩව ජය ගෙන තිබෙනවා.

14. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තැබූ වාර්තාවක් සම කරන්නටද පාකිස්ථාන කණ්ඩායම මෙහිදී සමත්වුණා. පාකිස්ථානය මේ වන විට ශී‍්‍ර ලංකාවට එරෙහිව එක්දින තරග 90ක් ජයගෙන තිබෙනවා.ඕස්ටේ‍්‍රලියාවද නවසීලන්තයට එරෙහිව එක්දින තරග 90ක් ජය ගෙන ඇති අතර  කණ්ඩායමක් ප‍්‍රතිවාදී කණ්ඩායමක එරෙහිව ලැබූ වැඩිම එක්දින තරග ජයග‍්‍රහණයද මෙය වනවා.