Sunday, January 12, 2025

General line - 0115112241

ඇමති කියන්නේ පට්ටපල් බොරු! දවස් 14 නාන්න නැති මිනිස්සු මෙහේ ඉන්නවා

චම්ලි ඒකනායක




උමා ඔය ව්‍යාපාරය හේතුවෙන් සිඳී ගිය ළිං 200ක පමණ ජලය පිරෙමින් ඇති බව මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පැවසුවා. ජල කාන්දුවද බොහෝදුරට අඩුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

මේ සම්බන්දයෙන් www.nethnews.lk වෙත අදහස් දක්වමින්, උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, ඌව පළාත් සභා මන්ත්‍රී (ජ.වි.පෙ) සමන්ත විද්‍යාරත්න පැවසුවේ අමාත්‍යවරයා පවසන්නේ පට්ටපල් බොරු බවය. ජල කාන්දුව යම් දුරකට අඩුවී ඇති බව දක්නට ලැබුනද එයට හේතුව ජල කාන්දුව වසාදැමීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයද එසේත් නැතිනම් අධික ලෙස කාන්දු වීම හේතුවෙන්  තිබු ජලය හිඟ වීමද යන්න පැහැදිලි නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සිඳී ගිය කිසිදු උල්පතක් යලි සක්‍රීය වී නැති බවයි ඔහු පවසන්නේ. එක පවුලක් සඳහා දවස් 12-15 අතර කාලයකට ජලය ලීටර් 500ක් පමණක් ලැබෙන බවත් ඔහු පැවසුවා. මට එක්තරා ගුරු මහත්මයෙක් මුණ ගැහුනා ඔහු මා සමග කිව්වේ දවස් 14කින් නෑවේ නැහැ  කියල යි. ඇමතිතුමා කියන සුරපුරය මෙහේ නැහැ.