Sunday, January 12, 2025

General line - 0115112241

බසය ඉස්සර කිරීමට ගිය යතුරුපැදිකරු මරුට (PHOTOS)

බුද්ධික කුමාරසිරි - මීගොඩ




මීගොඩ - දාම්පේ ප්‍රදේශයේ හොරගල මාර්ගයේ දඹුගොල්ලවත්ත පාර අසල රියඅනතුරක් සිදුවී තිබෙනවා.

යතුරුපැදියක් ලංගම බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී එක්වරම තිරිංග තදකිරීම නිසා යතුරුපැදිය ලිස්සා ගොස් මාර්ගය හරහා වැටීමෙන් අද (24) දහවල් මෙම රියඅනතුර සිදුව ඇත්තේ. 

මෙහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුර දී මිය ගොස් ඇති බව මීපේ පොලිසිය පවසනවා.

හොරගල සිට හෝමාගම බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක වැදීමෙන් මෙම අනතුර සිදු වූ බවට සැකකෙරෙන බැවින් ලංගම බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    
අනතුරින් මිය ගොස් ඇත්තේ දාම්පේ ප්‍රදේශයේ පදිංචි ආර් ජී සුගත් ප්‍රියන්ත නැමැති ව්‍යාපාරිකයෙක්.

මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් පවත්වනු ලබනවා.

මේ අතර අනතුර සිදු වූ දාම්පේ -  මීගොඩ මාර්ගයේ ජල නල එලීමේ කටයුතු හේතුවෙන් මාර්ගයේ බොහෝ ස්ථාන කැණිම් කර ඇති බැවින් මෙම මාර්ගයේ රථ වාහන ධාවනයේදී ප්‍රවේශමෙන් රිය පදවන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.