දිවයිනම ආවරණය වන පරිදි මාස 20ක කාලයක් පුරා පොලිසිය විසින් ක්රියාත්මක කළ විශේෂ වැටලීමකින් තහනම් ගිනි අවි 1074ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාලය තුළ අත්අඩංගුවට ගැනුණු තහනම් උණ්ඩ ගණන 3548ක්.
2016 වසරේ මුල්භාගයේ සිට මේ වසරේ අගෝස්තු මාසය දක්වා දිවයින පුරා මෙම වැටලීම් ක්රියාත්මක කර තිබෙනවා.
පොලිස් සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීම යටතේයි මෙම වැටලීම් සිදුකර ඇත්තේ.
මෙම තහනම් ගිනි අවි වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලූදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිඛෙනවා.
පොලිස් මූලස්ථානය ස`දහන් කළේ මෙම වැටලීම් ඉදිරියේදීත් ක්රියාත්මක කරන බවයි.