දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයින් පිරිසක් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හමුවීමට තීරණය කර තිබෙනවා.
ඒ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් අද (24) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹුණු බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කියා සිටියා.
ඒ දෙමළ ජාතික සන්ධානයේ තීරණය සම්බන්ධයෙන් යාපනයේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් විසින් කළේ යැයි කියන ප්‍රකාශ පිළිබඳ පසුගිය දිනවලදී රජයේ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළකළා.
එබැවින් දෙමළ ජාතික සන්ධානයට මෙහි ඇති සත්‍යතාව නිවැරදිව දැනගනීමට අවශ්‍ය බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.
මහානයක හිමිවරුන්ට රටේ පාලනය සම්බන්ධයෙන් ඕනෑම ප්‍රකාශයක් කිරීමට අයිතියක් ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
එසේ කරන ප්‍රකාශ එකිනෙකට පරස්පරතාවයකින් යුතුව විවිධ පාර්ශ්වයන් ජනතාව වෙත ඉදිරිපත් කිරීම යුක්ති සහගත නොවන බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කළා.
නව ව්‍යවස්ථා සංශෝධනයකින් අපේක්ෂා කරන දේ පිළිබඳ දෙමළ ජාතික සන්ධානය, මහානායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් පසු රට තුළ වඩාත් සුබවාදී ආකල්පයක් ගොඩනැගෙනු ඇති බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.