දුම්රිය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය වෘත්තිය සමිති අතර ගැටුම උත්සන්න වෙමින් තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තිය සමිති ප‍්‍රකාශ කළේ ආණ්ඩුව දුම්රිය වෘත්තිය සමිති වෙත ලබාදී ඇති පොරොන්දුවක් ඉටු කළ හොත් තමන් වැඩ වර්ජනයක් කැඳවන බවයි.
සෞඛ්‍ය වෘත්තිය සමිති එලෙස වැඩ වර්ජනයක් කැඳවුවහොත් ඊට එරෙහිව තමන් ද වැඩ වර්ජනයක් කැඳවන බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.
දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානය වෙනුවෙන් එහි සම කැඳවුම්කරු ලාල් පරණවිතාන පෙන්වා දුන්නේ සිය ඉල්ලීම්වලට අගමැති ලේකම් කාර්යාලයෙන් එකඟ වූ බවත් ඒවා ඉටු කිරීමට විරුද්ධව සෞඛ්‍ය වෘත්තිය සමිති මෙම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවයි.
දුම්රිය වෘත්තිය සමිති මීට පෙර වැඩ වර්ජනයක් කැඳවීමට සූදානම් වූයේ වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින්. කෙසේවෙතත් දුම්රිය සේවාවේ වැටුප් වැඩි කළහොත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවක් ඇති වී සෞඛ්‍ය සේවාවේ සේවකයන්ට අසාධාරණයක් සිදුවන බව සෞඛ්‍ය වෘත්තිය සමිතිවල අදහසයි.