ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි පද්ම උදයශාන්ත සඳහන් කළේ ඊයේ (24) පැවැති රැස්වීමකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී විමල් වීරවංශ මෙලෙස හදිසියේ රෝගී තත්ත්වයට පත්වු බවයි.