අධිකරණයට අපහාස කළ බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 02 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (25) කැඳවනු ලැබුවා.
වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියා.
මෙම පැමිණිලිවලට අදාලව මීට පෙර තමන්ට නොතීසි නිකුත් කර තිබුණත් එවැනි නොතීසි කිසිවක් තමන් වෙත නොලැබුණු බවත් තමන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේද මාධ්‍ය මගින් දැනුවත් වී බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ඒ අනුව ලබන මස 21 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනීසිටින්නැයි රන්ජන් රාමනායකට නැවත නොතීසි නිකුත් කෙරුණා.
පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ තවත් පුද්ගලයෙකු විසින් අදාළ පැමිණි දෙක ගොනු කර තිබුණා. ඒවා අද කැඳවූ අවස්ථාවේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද සමගයි.
මෙහිදී මාධ්‍ය හමුවේ රන්ජන් රාමනායක සඳහන් කළේ "මගේ නීතිඥයන් මට නිතරම කියනවා අධිකරණයට ගරු කරනවා කියලා කියන්න කියලා.. මට ඇන ඇන මතක් කරනවා ඒක... ඒකත් බහත්කාරයක්නේ..අපි අධිකරණයට ගියාම අපිව බය කරනවා.. කෙල ගිලින්න බැහැ. ඉතින් අපිව බය කරන්න එපා." යනුවෙනි.
----------------------------
අධිකරණයට අපහාස කළ චෝදනාවට 'රන්ජන් දැන්' අධිකරණයේ
(25-10-2017 10:23)
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ සිටිනවා.
ඔහු විසින් කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බවට පසුගිය දා පෙත්සමක් ගොණු කර තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබුවා.