එළවළු මිල ඉදිරි දිනවලදී සීඝ්රයෙන් ඉහළ යා හැකි බව ගොවීන් පෙන්වා දෙනවා.
ඊට හේතුවී ඇත්තේ ඇතැම් ප්රදේශවලට වැසි ඇදහැලූණත් ගොවිතැන් කටයුතු සිදුකරනු ලබන ප්රදේශ බොහොමයකට තවමත් වියළි කාලගුණයේ අහිතකර බලපෑම් ඇතිවීමයි.
වියළි කාලගුණය හේතුවෙන් මොණරාගල දිස්ත්රික්කය තුළ ගොවිතැන් කටයුතු සියයට 60කින් පහළ බැස ඇතැයි වාර්තා වනවා.
ගොවීන් පවසන්නේ මේ හේතුවෙන් මාළුමිරිස්, වම්බටු, පතෝල, බඩඉරිගු, අමුමිරිස්, රතුලූනු, මෑකරල්, කව්පි ආදි බෝග වගාවන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.