විදේශ රැකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ප‍්‍රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 13,77,750 ක වටිනාකමකින් යුතු කිරිපිටි පැකට් 3500 ක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ එම අමාත්‍යංශය අභ්‍යන්තර පරික්ෂණයක් සිදු කරනවා.
විදේශ රැකියා අමාත්‍යංශයේ අවශ්‍යතාවයක් උදෙසා කිලෝ ග්‍රෑම් එකේ කිරිපිටි පැකට් 1000 ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට් 2500 ක් ලබා දෙන ලෙස දන්වමින් එහි අතිරේක ලේකම්වරයකු හා විධායක නිලධාරියකු ලෙස පෙනී සිටින දෙදෙනෙකු අස්සන් කරමින් ඉකුත් 21වැනිදා ඊමේල් පණිවිඩයක් යවා ඇති බවයි මේ වන විට හෙළි වී ඇත්තේ.
අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් අදාල නිලධාරින්ගේ නිල මුද්‍රා පවා යොදා ගෙන මෙකී ඉල්ලීම ඊමේල් කර ඇති අතර එහි සඳහන් දුරකථන අංකයන්ට කථාකර කිරිපිටි සමාගමේ නිලධාරින් භාණ්ඩ එවිය යුතු ස්ථානය විමසා තිබෙනවා. ඒ අනුව කඩවත අධිවේගී මාර්ගය ආසන්න ස්ථානයක් පවසා එහි ගෙන එන මෙන්ද එතැනදී ලොරියකින් ඒවා භාරගන්නා බවද මෙම පුද්ගලයින් පවසා තිබෙනවා.
පැවැසූ ස්ථානයට ප‍්‍රවාහනය කළ කිරිපිටි තොගය වෙනත් ලොරියකින් භාර ගෙන ඇති අතර එම භාණ්ඩ සඳහා වන ගෙවීම්වලට අදාළව ඇනවුම් විස්තර අමාත්‍යංශයට ඊයේ (24) ගෙන ආ අවස්ථාවේ එවැනි නමක් ඇති නිලධාරින් දෙදෙනෙක් අමාත්‍යංශයේ නොමැති බව හෙළි වීමත් සමඟ මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.